ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිය ප්‍රදානයන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වෙත භාර දෙනු ලැබීය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ සමාජිකයින් එක්ව රුපියල් මිලියන 16ක මුදලක් අද (24) Rebuilding Sri Lanka අරමුදලට පරිත්‍යාග කළහ.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
මෙවර “ජාතික සුරක්ෂිත” දින ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) පෙ.ව 8.30 සිට පෙ.ව 11.00 දක්වා ගාල්ල “පෑරැලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව 'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ අරාබි ජනරජයේ ඊජිප්තු තානාපති, අතිගරු Adel Ibrahim මැතිතුමා ඊයේ (23) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය.
උත්සව සමය වෙනුවෙන් අද(24) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සියළුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවත් මේ වනවිට වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විදුලි වැට ආරක්ෂක සේවකයික් බිඳ වැටුනු විදුලි වැටවල් 50% ක් පමණ ප්‍රතිසංස්කරණය ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට සූදානම් කළ BP-5 අතිරේක ආහාර පෙට්ටි 1500ක් යුනිසෙෆ් සංවිධානය ඊයේ (23) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය.
මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ධීවර ක්ෂේත්රයට සිදු වූ හානියේ මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 7,649 ඉක්මවා ඇතැයිද ඊට ප්‍රතිචාර වශයෙන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා ක්ෂණික සහන සහ දීර්ඝකාලීන සහයෝගය ලබා දීමේ පුළුල් ප්‍රතිසාධන සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට National Development Bank PLC වෙතින් රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් පිරිනමනු ලැබීය.
නත්තල් උත්සවය , පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය පවසයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.