රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය ආර්ථික කළමනාකරණය සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය ආර්ථික කළමනාකරණය සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජලාශවල වාන් දැමීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය හෙට (22) සිට යාල්රාණි දුම්රිය මඟින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය හා UNICEF සංවිධානයේ නියෝජිතයින් පිරිස අතර හමුවක් ඊයේ (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව - සාලමුල්ල, ‘ලක්සඳ සෙවණ’ සහ මාදම්පිටිය - තොටලඟ ‘මුවදොර උයන’ මහල් නිවාස සංකීර්ණවල දීර්ඝ කාලීනව පවතින අඩුපාඩු සහ ගැටලු පිළිබදව සොයා බැලීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුලු තවත් පාර්ලිමේන්තු සහ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා (19) එම ස්ථානයන්ට පැමිණියහ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිතයින් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර සාකච්ඡාවක් පසුගිය දා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙ දී පැවැත්විණි.
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකමය වශයෙන් ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍යාධාර ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 206ක් ලබා දීමට අනුමැතිය පළ කර ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව දෙස් විදෙස් ව්‍යාපාරික ආයතන, සංවිධාන හා පෞද්ගලික පරිත්‍යාග ලෙස ආධාර ලැබෙමින් පවතී.
ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය.
ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීම පිණිස මානුෂීය ආධාර ලෙස කැනඩා රජයෙන් ඩොලර් මිලියන 2 කට අධික අරමුදලක් ඊයේ (19) කැනඩා මහ කොමසාරිස් Isabelle Martin මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා වෙත පරිත්‍යාග කළාය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.