දැනට පවතින වර්ෂාපතනය අනුව මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

දැනට පවතින වර්ෂාපතනය අනුව මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ප්‍රශ්නගත 'ඔන්ඩැන්සෙට්‍රෝන්' ඖෂධය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා පවසයි.
තික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද පෙරවරු 8.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක දෙකකට නායයාම සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම පසු ආපදා අවස්ථාවේදී දරුවන්ගේ රිදුණු හිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ ප්රමුඛ වගකීමක් ලෙස සළකමු යනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් දිනපතා ආධාර කරනු ලැබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
වංචා දූෂණ නැති කිරීම සහ මූල්‍ය පාරදෘශ්යත්වය හේතුවෙන් තුන්වෙනි කාර්තුවේදීත් මෙරට අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට හැකි වූ බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
“වියට්නාමය අපට සමීප මිත්‍ර රටක්. අපේ රට වගේම අසීරු සහ අභියෝගාත්මක කාල පසු කරපු, ඒ වගේම අද වේගවත්ම ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන අපටත් ආදර්ශයක් ලබා ගත හැකි රටක්. එනිසාම වියට්නාමය සමග බලශක්ති ක්ෂේත්‍ර යේ නව ආයෝජන සහ තාක්ෂණ හුවමාරු හරහා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේද බලාපොරොත්තුවයි.“ යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
සෙනෙහස අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය (SERRIC) පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංවේදන ළමා උද්‍යානය (Sensory Garden) අද (17) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සාරධර්ම පද්ධතිය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූල වෙමින්, අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයන් අනාගතයට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (16) රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී ආරම්භ විය. වැඩසටහන අද (17) දිනයේද පැවැත් වේ.
රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.