පසු ආපදා මොහොතේ දරුවන්ගේ රිදුණු හිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කරමු - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

පසු ආපදා මොහොතේ දරුවන්ගේ රිදුණු හිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කරමු - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
  • SocialShare:

මෙම පසු ආපදා අවස්ථාවේදී දරුවන්ගේ රිදුණු හිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ ප්‍රමුඛ වගකීමක් ලෙස සළකමු යනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.

ඊයේ (17) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවති කෙටි මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

ආපදා තත්ත්වයෙන් පසු පාසල්, අධ්‍යාපන ආයතන, පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි ඇතුලු ළමුන් සමඟ කටයුතු කරන ආයතන සහ ගුරුවරුන්, පෙර පාසල් පාලිකාවන් විසින් සැළකිළිමත් විය යුතු කරණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම කෙටි මාධ්‍ය සාකච්ඡාව සංවිධාන කර තිබුණි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) විසින් ප්‍රකාශයට පත්කර ඇති "දරුවන් සඳහා මානසික ප්‍රථමධාර", හදිසි ආපදා තත්ත්වයන්හි දී ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ආදේශ කරගත හැකි ක්‍රියාකාරකම් ඇතුළත් මාර්ගෝපදේශ අත්පොත පිළිබඳව විස්තර කිරීම ද එහිදී සිදුවිය.

මෙම කෙටි මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ, මනෝ සමාජයීය අංශයේ, වැඩබලන සායනික මනෝ විද්‍යාඥ ප්‍රියංගිකා රත්නායක මහත්මියද එක්ව සිටියහ.