දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන නිකුත් කෙරේ
  • SocialShare:

තික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද පෙරවරු 8.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක දෙකකට නායයාම සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර , දොළුව , උඩුදුම්බර සහ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල  ජීවත්වන ජනතාවට මෙලෙස ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.