නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි විමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි විමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටට බලපෑ අපදා තත්වය හමුවේ සහන කටයුතු වලට සහාය වීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ හෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා මිත්‍ර රටවල් වලින් අප රටට ඉමහත් දායකත්වයක් ලබා දුන් අතර, 2025.12.07 වන දින සිට 2025.12.13 වන දින දක්වා සහන සේවා කටයුතු සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130J) ගුවන් යානා දෙකක් සමග 60 දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණියේය.
ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
"දිට්වා සුළි කුණාටුව" හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන IRFP Industry Recovery Foster Program හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP Industry Development Foster Program පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛතාවය මත සිදුකරනු ලබන සියලු ඉල්ලීම්වලට අවශ්‍යවන සහයෝගය නිබඳවම ලබා දීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා (Dr. Rajesh Sambhajirao Pandav) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය.
පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්, එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා ඇති හග්ගල උද්භිත උද්‍යානය ඉතා කඩිනමින් විවෘත කිරීමට අදාළ පියවර ගැනීමට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඊයේ (12) දින හග්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකට සහභාගී වූයේය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත්, හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd වෙතින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.