ලබන 18 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

 ලබන 18 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
  • SocialShare:

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2466/33 යන 2025.12.12 දිනැතිව ගරු කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.