රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා ඇති හග්ගල උද්භිත උද්‍යානය ඉතා කඩිනමින් විවෘත කිරීමට අදාළ පියවර ගැනීමට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඊයේ (12) දින හග්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකට සහභාගී වූයේය.
පවතින නාය යාම් තත්වය පිළිබඳ සලකා බලා භූ ස්ථාවර කිරීමට අදාළ කෙටි කාලීන සහ දිගුකාලීන පියවර ගනිමින් නැවත හග්ගල උද්භිත උද්‍යානය ආරම්භ කිරීමට උපදෙස් සහ සැලසුම් අමාත්‍යතුමා අදාළ නිළධාරීන්ට ලබා දුන්නේය.
ඒ අනුව හග්ගල උද්භිත උද්‍යානය නොබෝ දිනයකින් සංචාරකයන් වෙත විවෘත කෙරෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ කේ. බණ්ඩාර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ බුද්ධික මහතා සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද සහභාගී වූහ.


