රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.
ආපදාවෙන් විපතට පත්ව ගොඩනැගෙන රටට අවිශ්වාසයක් ඇති නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
කුමන අභියෝගාත්මක තත්ත්වයක් තුළ වුවද මව්වරුන් සහ දරුවන් ගේ අවශ්‍යතා සැළසීමට සහ ඔවුන්ගේ සුවපත් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කළාය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ.
ආපදාවට පත් වූවන්ට ලබාදෙන රු 25,000 දීමනාව 50%කට ලබා දී අවසන් බවත්, මෙම සහන ලබා දීම කඩිනම් කිරීම සඳහා රාජ්‍ය නිලධාරින් මැදිහත් වී සිටින බව ස්‍යෙඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (17) පස්වරු 4.00 සිට 18 වැනි දින පෙරවරු 7.00 දක්වා පැය 15ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමට වෙන් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි .
වී අලෙවි මණ්ඩලය පසුගිය යල කන්නයේදී මිලදී ගත් වී තොග, වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මොල් හිමියන් මඟින් සහල් , කර ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට e – Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබාදීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිය මානුෂීය මෙහෙයුම අවසන් කර පසුගිය දා (14) යළි ඉන්දියාවට පිටත්ව ගිය අතර, විපතට පත් ප්‍රජාවට සහාය වීමේදී එම කණ්ඩායම දැක් වූ කැපවීම සහ වෘත්තිමය දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණ. මෙම කණ්ඩායමේ නික්ම යාමට සමගාමීව විපතට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා ද්‍රව්‍යාධාර තොගයක් පරිත්‍යාග කිරීමද සිදු විය.
ශ්‍රී ලංකාවේ කසකස්ථාන් ජනරජයේ තානාපති Sergey Viktorov මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 16 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.