ජනතාවට සහන සැලසීමට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව දෙසැම්බර් 18 පාර්ලිමේන්තුවට

ජනතාවට සහන සැලසීමට රුපියල්  බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව දෙසැම්බර් 18 පාර්ලිමේන්තුවට
  • SocialShare:

ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමට වෙන් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉදිරි වර්ෂයේ දී ආපදා සහන කටයුතු සඳහා මෙම පරිපූර්වක ඇස්තමේන්තුව සම්මත කර ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය .

ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට , නව නිවාස ඉදි කිරීමට මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කළ අමාත්‍යවරයා , එය එළඹෙන 18 වෙනිදා ඉදිපත් කරන බවත් 19 වෙනිදා විවාදයට ගෙන එදින සවසම එය සම්මත කර ගන්නා බවද පැවසීය