දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී.
ඒ අනුව Union Chemicals Lanka PLC වෙතින් රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර ඊට අදාළ චෙක් පත Union Chemicals Lanka PLC ආයතනය නියෝජනය කරමින් එහි කෝසල දිසානායක ( Chairman), ගාමිණි ගුණසේකර (Managing Director) සහ යූ. එල්. පුෂ්පකුමාර (Director) යන මහත්වරු විසින් ඊයේ (16) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.


