මානුෂීය ආධාර ලෙස කැනඩා රජයෙන් ඩොලර් මිලියන 2 කට අධික අරමුදලක් පරිත්‍යාග කෙරේ

මානුෂීය ආධාර ලෙස කැනඩා රජයෙන් ඩොලර් මිලියන 2 කට අධික අරමුදලක් පරිත්‍යාග කෙරේ
  • SocialShare:

ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීම පිණිස මානුෂීය ආධාර ලෙස කැනඩා රජයෙන් ඩොලර් මිලියන 2 කට අධික අරමුදලක් ඊයේ (19)  කැනඩා මහ කොමසාරිස් Isabelle Martin මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා වෙත පරිත්‍යාග කළාය.

බලපෑමට ලක් වූ නිවැසියන්ට ආහාර ලබා දීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ඩොලර් මිලියන 1.4ක් ද  කැනේඩියානු මානුෂීය ආධාර අරමුදල වශයෙන් සහන ද්‍රව්‍ය සහ හදිසි නවාතැන් සැපයීම සඳහා වර්ල්ඩ් විෂන් හරහා ඩොලර් 350,000ක් ද කැනේඩියානු රතු කුරුස සංවිධානය මගින් පරිපාලනය කරනු ලබන හදිසි ආපදා ආධාර අරමුදල හරහා ශ්‍රී ලංකා රතු කුරුස සහන මෙහෙයුම් සඳහා සහාය සඳහා ඩොලර් 215,000ක් ද ලබා දී ඇත.

තවද හදිසි සහන ලබා දීම සඳහා දේශීය මුලපිරීම් වෙනුවෙන් කැනඩා අරමුදල හරහා ඩොලර් 70,000 කට ආසන්න මුදලක් ද ලබා දී ඇත.

මානුෂීය ආධාර සපයමින් ශක්තිමත් හවුල්කාරිත්වයක් පිළිබිඹු කරන කැනඩාව ලබා දෙන සහයෝගය ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කර සිටියි.