එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිතයින් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර සාකච්ඡාවක් පසුගිය දා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙ දී පැවැත්විණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන පසු ආපදා උපදේශන සේවය පුළුල් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණවේ.
සංවර්ධන පාර්ශවකරුවන් සහ සිවිල් සංවිධාන මෙම මොහොතේ හුදෙකලා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවට රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළ ගුණාත්මක කිරීමට සහ පුළුල් කිරීමට සහයෝගය දැක්වීම ඵලදායී අමාත්‍යතුමිය පැහැදිලි කළාය.
දිට්වා සුළි කුණාටවෙන් පසු බලපෑමට ලක්වූ ප්‍රජාව මනෝසමාජයීය වශයෙන් ශක්තිමත් කිරීම සහ ඔවුන් නැවත සාමාන්‍ය ජන ජීවිතය වෙත යොමු කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) එකඟත්වය පලකරන ලදී.
ඒ අනුව , මෙම පසු ආපදා මනෝ උපදේශන සේවාව සඳහා තාක්ෂණික සහකරුවෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) කාන්තාවන් සහ පවුල් පාදක උපදේශනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ සහකාර නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.
#rebuildingSriLanka වැඩසටහන හරහා අපේ රට යළි ගොඩනැගෙන විට ඊට සමගාමීව බිඳුණු හදවත් සුවපත් කරමින් තවත් ශක්තිමත් කිරීමට මෙම එකාබද්ධ ප්‍රවේශය හරහා අපට හැකිවනු ඇත.


