Rebuilding Sri Lanka අරමුදලට Regional development Bank වෙතින් රුපියල් මිලියන 25 ක පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට  Regional development Bank වෙතින්  රුපියල් මිලියන 25 ක පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව දෙස් විදෙස් ව්‍යාපාරික ආයතන, සංවිධාන හා පෞද්ගලික පරිත්‍යාග ලෙස ආධාර ලැබෙමින් පවතී.

ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 25ක පරිත්‍යාගයක් පිරිනමන ලදී.

ඊට අදාළ චෙක්පත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පිරිනැමීය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසන්ත තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක් විය.