නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ " මූල්‍ය ණය සහන ප්‍රදානය " වැඩසටහන අද (26) සිදු කෙරුණි.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ " මූල්‍ය ණය සහන ප්‍රදානය " වැඩසටහන අද (26) සිදු කෙරුණි.
පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත හා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ක්‍රියාත්මක කළ කඩිනම් වැඩපිළිවෙලට අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දුන් අදාළ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින්, ඊයේ (25) සිට හග්ගල ජාතික උද්භිද උද්‍යානය නැවත දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරනු ලැබුණි.
One Million Volunteers වැඩසටහන යටතේ හෙට (27) සහ අනිද්දා (28) ස්වේච්ඡා තරුණ තරුණියන් 1000කට ආසන්න ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකාව වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකින්ම අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය වියට්නාම තානාපතිනියගේ ඇගයීමට ලක් වේ.
සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 21ක් සපිරෙන අතර, ජාතික සුරක්ෂිත දින අනුස්මරණ ප්‍රධාන උත්සවය අද ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට නියමිතය.
ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා (24) පැවැත්විණි.
උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා ඇතුලු දූත පිරිස සමග ඊයේ (24) එම පක්ෂ කාර්යාලයේදී පැවත්විණි.
සුනාමි ව්‍යසනයට ගොදුරුව මියගිය සහ අතුරුදන් වූවන් ස්මරණය කරන ජාතික සුරක්ෂිත දිනය ගාල්ල, රත්ගම පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී හෙට (26) පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ජනතා සහභාගිත්වයෙන් පැවැත්වේ.
උත්සව සමය වෙනුවෙන් ඊයේ(24) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණයෙන් ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සියළුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇත.
දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.