ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂ දූත පිරිස හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂ දූත පිරිස හමුවෙයි
  • SocialShare:

ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා ඇතුලු දූත පිරිස සමග ඊයේ (24) එම පක්ෂ කාර්යාලයේදී පැවත්විණි.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ,

පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා , මධ්‍යම කාරක සභික වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

මෙම හමුවේදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන ම්ත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය, රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරය හා සමගාමීව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් අනුව 2025 වර්ෂයේදී සිදු කරන ලද සහයෝගීතා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

දිත්වා සුළි කුණාටුව නිසා ලංකාවට සිදු වූ බලපෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජය ලබා දුන් ආධාර සහ උපකාර පිළිබඳව එහිදී ටිල්වින් සිල්වා මහතා සිය ස්තුතිය හා පළ කර ඇත.එවැනි උපකාර ඉදිරියටත් කිරීමට බලාපොරොත්තු වන බව Wang Junzheng මහතා සඳහන් කරන තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 04වන පූර්ණ සැසිවාරය පිළිබඳවත් 20වන මධ්‍යම කාරක සභාවට සමගාමීව පසුගියදා (23) ලංකාවේ පැවති වැඩසටහන සාර්ථකව අවසන් වූ බවත් Wang Junzheng මහතා වැඩිදුරටත් පවසා ඇත.

එසේම මේ දිනවල චීනය තුළ විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනෙන 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන්ද එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.