ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගත්තේය.
විගමනික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩා කාර්යක්ෂම, වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් “Smart Call Center Complaint and Workflow System” නමින් නව දුරකථන ඇමතුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසඳුම් යටතේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා නව ව්‍යාපෘති වැඩසටහනක් අද (01) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට eMarketingEye (Pvt) Ltd ආයතනය වෙතින් රුපියල් මිලියන 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ 2026 නව වසරේ රාජකාරි ඇරඹීමේ නිල උත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 01) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී ප්‍රථමයෙන් නව වසර වෙනුවෙන් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලද අතර, ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය විසින් නව වසර සඳහා සුභාශිංසන එක් කරන ලදී.
පසුගිය වසර අග්‍රාමාත්‍ය කාර්යාලය ලෙස ඉතා විශාල වැඩ කොටසක් ඉටු කළ වසරක් වූ බවත්; ඩිජිටල් කාර්ය සාධක බලකාය, ජාත්‍යන්තර සබඳතා අංශය සහ මහජන සබඳතා අංශය ඇතුළු සෑම අංශයක් හරහාම විශාල රාජකාරි ප්‍රමාණයක් සියලු දෙනාගේ කැපවීම මත ඉටු කිරීමට හැකි වූ බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. එමෙන්ම, පෙර කාලවලට වඩා වැඩි මහජන විශ්වාසයක් දිනාගත් ආයතනයක් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය මේ වන විට පත්ව ඇති බවත්, ඒ වෙනුවෙන් කැප වූ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය එහිදී මෙසේ ද සඳහන් කළාය:
"පසුගිය වසරේ අපට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. මෙම නව වසර ද ඊට වඩා අභියෝගාත්මක විය හැකියි. නමුත් ඔබ සියලු දෙනා කණ්ඩායමක් ලෙස ඒ සෑම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දෙන බව මට විශ්වාසයි. පසුගිය වසරේ ඇති වූ 'දිට්වා' සුළිකුණාටුවෙන් අපි පාඩම් ගණනාවක් ඉගෙන ගත්තා. කිසිදු භේදයකින් තොරව එවැනි හදිසි අවස්ථාවකට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අප අත්දැකීම් ලැබුවා. ඉදිරියට තව තවත් පරිසර හිතකාමී වෙමින්, මෙවැනි විපත් අවම වන අයුරින් පරිසරය ආරක්ෂා කර ගැනීමේ වගකීම අප සතුයි. ඒ අනුව, දේශගුණික විපර්යාස පිළිබඳ අවබෝධයෙන් යුතුව සංවර්ධනය වන රටක් ලෙස අපගේ සියලු සැලසුම් සකස් කළ යුතුයි."
නව වසරට සුභාශිංසන එක් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා:
"2024 වර්ෂයේ දී රට තුළ සිදු වූ පරිවර්තනීය වෙනස රාජ්‍ය සේවය ඔස්සේ ජනතාව වෙත සමීප කිරීමටත්, 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලධර්ම ක්‍රියාත්මක කරමින් ආර්ථික හා සමාජීය වශයෙන් විශාල ජයග්‍රහණ ලබා ගැනීමටත් රාජ්‍ය සේවකයන් ලෙස ඔබ සැම උපරිම දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට නිසි ගෞරවය හිමි විය යුතුයි.
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවයේ සාධනීය වෙනසක් උදෙසා අත්‍යවශ්‍ය මූලධර්ම දහයක් අප හඳුනා ගත්තා. එහිදී කුසලතා මත පදනම් වූ පත්වීම් හා උසස්වීම් ලබා දීම හරහා රාජ්‍ය සේවයේ විශාල ගුණාත්මක වෙනසක් ඇති කිරීමට අපට හැකි වුණා. ජනතාව එම වෙනස මනාව වටහාගෙන තිබෙනවා. මෙම යහපත් ක්‍රමවේදය නැවත වෙනස් කිරීමට රටේ ජනතාව සූදානම් නැහැ."
මෙම නිල උත්සවය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහභාගී විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය 2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් පවත්වන නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (01) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම 2026 ජනවාරි 01 දින සිට ආරම්භ වේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (31) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
නව වසර අප වෙත ළඟා වන්නේ ආර්ථික වශයෙන් පොහොසත් රටක් පමණක් නොව ජනතාවට වඩාත් සුරක්ෂිතව, සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමේ ජාතික වගකීම අප හමුවේ තබමින් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් සඳහන් කරයි.
2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය.
2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට සතුටට පත්විය හැකිය.
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.