ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීමට අදාළව මාර්ගෝපදේශය ආරක්ෂක අමාත්යාංශන නිකුත් කර ඇත.
දිස්ත්‍රික්ක දෙකකට බල පැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (07) නිකුත් කර ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව පිලිබඳ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ,එකී සංවාදය අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කිරීමට යොදා නොගත යුතු බවත්, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය හිමිව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදුන්වාදීම සහ ජාතික සෞඛ්‍ය උපායමාර්ගික ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරිම තුළ 2030 වර්ෂයේදී 80% ක සේවා ආවරණ ඉලක්කය අත්පත් කර ගත හැකිවනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රධානය කර ඇත.
6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම (work group) සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 06 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
“කෘෂි හරිත මුලපිරීම (AgriGreen Initiative) – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8 ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇත.
“සුරක්ෂිත ළමා ලෝකයක්, නිර්මාණශීලී පරපුරක්” යන තේමාවත් සමග ක්ලීන් ශ්‍රී ලංකා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්විය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනම වෙතින් රුපියල් මිලියන 10කමූල්ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.