තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට The Ceylon Hardware Merchants Association විසින් රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ගේ දිනක වැටුප වන රුපියල් 672,960ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් අම්පාර, මඩකළපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව, යාපනය සහ උතුරු ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික මානව හිමිකම් අධ්‍යක්ෂක, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිපාණන් වහන්සේ විසින් ඉඩම් පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ තාවකාලිකව කල් දැමීමට සිදු වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 ආරම්භ වී ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
දිවයිනට සමාන්තරව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අවපීඩන තත්වය පීඩන අවපාතයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරේ.
අද සිට දිවයිනේ , විශේෂනේ උතුරු, උතුරු - ද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය, වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට මෙන්ම මහජනතාවටද ආරාධනා කර සිටී.
විද්වතුන් 58 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත එල්ල වන වෛරී හා අපහාසාත්මක ප්‍රචාර නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.