All Stories

දවසේ කාලගුණය

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ  වර්ධනයක් බලාපොරොත්තු වේ.

දවසේ කාලගුණය

ශ්‍රි ලංකා රජය වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්වේ

වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු ,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රි ලංකා රජය වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්වේ

2026 අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යෙදවීමට ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

2026 අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යෙදවීමට  ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

විගමිණක ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධන රැසක්

පසුගිය වසරේ විදේශ රටවල් සමග රටට හිතකර ගිවිසුම් රැසකට සම්බන්ධ වූ බවත් කොන්සියුලර් සේවාව ශක්තිමත් අංශයක් බවට පත් කිරීමට කටයුතු කළ බවත් විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළ බවත් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා පවසයි.

විගමිණක ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධන රැසක්

දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීම් 100 ක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2026.01.05) දින දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීම්  100 ක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers Association වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers Association වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers Association වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්