දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීම් 100 ක්

දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීම්  100 ක්
  • SocialShare:

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2026.01.05) දින දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

මේ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද, අමාත්‍යාංශ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්.පී. විතානගේ ඇතුලු පිරිසක් ද සහභාගී විය.

එහිදී දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීම් 100ක් ලබා දීම සිදු විය.