උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි හා සුළං තත්ත්වය වැඩිවිමක්

උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි හා සුළං තත්ත්වය වැඩිවිමක්
  • SocialShare:

අද සිට දිවයිනේ , විශේෂනේ උතුරු, උතුරු - ද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ගිනිකොළ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අවපාතය අද(08) පෙ.ව 5.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට 420 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.4N  සහ දේශාංශ 85.03E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.

අද උදෑසන 10.00 පමණ වන විට එම පද්ධතිය පොතුවිල් සිට 300km  පමණ ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතියි.

මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමමන් කර හෙට(09)

ප.ව 5.30ත් ප.ව 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළු වීමට බොහෝ දුරට හැකියාව පවතියි.

එහි බලපෑම හේතුවෙන් අද සිට දිවයිනේ , විශේෂයෙන් උතුරු, උතුරු -නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.