අද (15) සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (15) සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනාකරණය කිරීම වත්මන් රජයේ ප්රමුඛ වගකීමක් වන බැවින් මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Jiyoon Chung මහත්මිය ජනවාරි 14 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
රටේ ජනතාව ආර්ථික වශයෙන් පොහොසත් කිරීම පමණක් නොව ඔවුන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය නගා සිටුවා දියුණු මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කරන ලදි.
සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටුදැකීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති ‘ප්‍රජාශක්ති’ ජාතික ව්‍යාපාරය මේ වන විට සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය පිළිබඳව කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රජා සංවර්ධන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (13) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.
2025 ජාතික ශිෂ්‍යභට බලකා ක්‍රීඩා උත්සවය 2026 ජනවාරි 17 සහ 18 යන දෙදින යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ශිෂ්‍යභට බලකා අධ්යක්ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක මහතා පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රු 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ කර ඇත.
මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, ‘රටම එකට’ වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සිය ප්‍රශංසාව පිරිනැමීය.
දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණුන් " Dambulla Bustaurant" නමින් නව බස් රථ සේවාවක් 2026 ජනවාරි මස 15 දින දඹුල්ල පැල්වෙහෙරදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.