All Stories

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම්  ජනපතිගේ අධීක්ෂණයට

බාලදක්‍ෂ මාවත ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

"බාලදක්‍ෂ මාවත" ගුවන් පාලම ඉදිකිරීම් කටයුතු අවසන් කර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනතා අයිතියට පත් කෙරිණි.

බාලදක්‍ෂ මාවත ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

ආනයනික මැණික් සඳහා අය කෙරුණු විශේෂ සේවා ගාස්තුව අඩු කෙරේ

ශ්‍රී ලංකා රේගුව විසින් කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස අය කරන ලද ආනයනික මැණික් පාර්සලයකට ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි.

ආනයනික මැණික් සඳහා අය කෙරුණු විශේෂ සේවා ගාස්තුව අඩු කෙරේ

සර්වඥ ධාතු වන්දනාව පෙබරවාරි 04–11 දක්වා හුණුපිටිය ගංගාරාමයේදී

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

සර්වඥ ධාතු වන්දනාව පෙබරවාරි 04–11 දක්වා හුණුපිටිය ගංගාරාමයේදී

ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 19 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා ය.

ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව සංවිධානය කිරීමට අදාළ මුලික සැලසුම් පිළිබඳව කරුණු සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ගංගාරම විහාරස්ථානයේ නිරීක්ෂණයක

ඉන්දීය රජයේ පුර්ණ අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ ගංගාරම විහාරස්ථානයේ දී බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දීමටත් රජය සැලසුම් කරමින් සිටියි.

සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව සංවිධානය කිරීමට අදාළ මුලික සැලසුම් පිළිබඳව කරුණු සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ගංගාරම විහාරස්ථානයේ නිරීක්ෂණයක