උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තයේ (CECT) iii වන අදියරේ මෙහෙයුම් කටයුතු අද (23) ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය සහ නව රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ලෝකය හමුවේ අභිමානවත්ව සනිටුහන් කරමින් සිය සිව්දින සාර්ථක නිල සංචාරය නිමා කර අද (23 ) දිවයිනට පැමිණියාය.
දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට රුපියල් මිලියන 226කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (23) දින නාරාහේන්පිට, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්ව විද්‍යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට DFCC බැංකුවෙන් රුපියල් මිලියන පනහක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේදී අද (23) සාකච්ඡා කළ බව කම්කරු අමාත්‍යංශය පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Davos හි පැවති ලෝක ආර්ථික සංසදයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් මෙන්ම ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික නියෝජිතයින් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා පැවැත්වුවා ය.
මෙරට කාන්තා පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම සදහා භාවිතා කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. නිශාන්ත ද සොයිසා මහතා පවසයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා එළඹෙන පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව හිමිවන බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. මෙම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දඹදිව , දෙව්නිමෝර් පුදබිමින් මෙරටට වැඩමකරවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ, පෙරබවාරි මස 5වැනි දින සිට 11 වැනි දින දක්වා පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා හුණූපිටිය ශ්‍රී ගංගාරම විහාරස්ථානයේදී වන්දනාකරගැනීමට දේශීය විදේශීය බැතිමතුන්ට සියලු කටයුතු සුදානම් කර ඇති බව එම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ පැවසුහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.