මෙවර අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 2025/2026 වගා කරන සියලුම ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදී අවසන් බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසයි.

මෙවර අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 2025/2026 වගා කරන සියලුම ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදී අවසන් බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසයි.
ප්‍රථම වරට 2025 වර්ෂයේ දී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇති බව අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි .
වනජීවී කළමනාකරණ ක්ෂේත්රයේ නැගී එන අභියෝග සහ නව්‍ය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශීය හා විදේශීය පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංරක්ෂණවේදීන්ගේ සහභාගීත්වයෙන් WILD LANKA ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මන්ත්‍රණය අද (26) බත්තරමුල්ල, වෝටර්ස් එජ් (Water’s Edge) පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.
පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කුරුණෑගල වෛදවරුන්ගේ සායනික සංසදය විසින් අද (26) රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදෙනු ලැබීය.
මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමූණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනූව රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.
77 වන ඉන්දීය ජනරජ දින සැමරුම අද (26) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මන්දිරයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින පෙරවරු 10.00ට ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ එදිනම පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් ආරම්භ වීමට නියමිතය.
2026 ජාතික නිවාස වැඩසටහන එළඹෙන ජනවාරි 28 වෙනිදා ගාල්ල නගරයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය Rebuilding Sri Lanka වැඩසටහන ආරම්භ කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක iRoad ව්‍යාපෘතියේ පස්වන අදියර ඊයේ(25) නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරිණි.
මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් ස්ථාපිත කරන බවත්, මුලික රෝග පරීක්ෂණ රැසක් එකම උපකරණයකින් සිදු කළ හැකි උපකරණයක් හදුන්වාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි අක්ෂි රෝගවලින් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින බවත්, සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.