77 වන ඉන්දීය ජනරජ දින සැමරුම අදයි

77 වන ඉන්දීය ජනරජ දින සැමරුම අදයි
  • SocialShare:

77 වන ඉන්දීය ජනරජ දින සැමරුම අද (26) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය විදේශගත පිරිස එක්ව සිටියහ.

77 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස්තුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ශ්‍රී ලංකාවේ සාමය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර ඉන්දීය සෙබළුන් සිහි කරමින් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී උපහාර පුද කළහ.