අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදී අවසන් - අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදී අවසන් - අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම
  • SocialShare:

මෙවර අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 2025/2026 වගා කරන සියලුම ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදී අවසන් බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසයි.

අද (26) මාධ්‍යයට අදහස් දක්වමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා මේ බව පැවසුවේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ විනාශ වූ කුඹුරු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 337ක් ගොවීන් 3814 දෙනෙකු වෙත බෙදාහැර අවසන් බවද අවධාරණය කළේය.

මෙම දිනවල අස්වැන්න  නෙළීම ආරම්භ වෙමින් පවතින බවද 2026 පෙබරවාරි 24, 25 පමණ වන විට අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ  මහ කන්නයේ අස්වැන්න නෙළීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.