All Stories

අරමුණු සහගත තිරසර සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය යටතේ ක්‍රියාත්මක කරනවා - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

රටේ සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරිමේදී ඉදිකිරිම් සමාගම් දේශපාලනඥයින් පසු පස ගිය යුගය සහ දේශපාලන සංස්කෘතිය මේ රජය යටතේ අවසන් කර ඇති බවත්, ජනතාවට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන ජන සහභාගිත්ව නිරසර සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කරම්න් රජය බලාපොරොත්තු වන පොසත් රටක් - ලස්සන ජිවිතයක් ජනඅනුමැති ජාතික ඉලක්කය සපුරා ගැනිමට කටයුතු කරමින් සිටින බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

අරමුණු සහගත තිරසර සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය යටතේ ක්‍රියාත්මක කරනවා - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ නව බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාරය ඒකකය ජනතා අයිතියට

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය  සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ කළුතර ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ භෞතික සම්පත සංවර්ධනයට පියවර ගනිමින්  නවීකරණය කරන ලද නව බාහිර රෝගී  අංශය සහ හදිසි ප්‍රතිකාරය ඒකකය (OPD & ETU Copmplex) ජනතා අයිතියට පත් කිරීම පසුගියදා (28) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ  ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ නව බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාරය ඒකකය ජනතා අයිතියට

දවසේ කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දවසේ කාලගුණය

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මාධ්‍ය නිවේදනයක්

මෙරට මාධ්‍ය වාර්තාකරන නිපා වෛරසය පිළිබදව කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මාධ්‍ය නිවේදනයක්

ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම පිළිබද සාකච්ඡා

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell මහත්මිය අද (28) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියාය.

ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම පිළිබද සාකච්ඡා

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි

අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන් රාජ්‍ය ආයතන 250හි ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට  අවබෝධයක් තිබිය යුතුයි