2026 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේදී දිවයින පුරා සිදු කෙරේ.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අද පෙරවරුවේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, එය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය පසුගිය ජනවාරි 5 වන දින ආරම්භ කර තිබූ අතර, අද සිට විධිමත්ව අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, පළමු ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සියලු සිසුන්ට ලබා දීමට කටයතු කර ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


