ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පළමුවරට සංවිධානය කරන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය අද ආරම්භ විය.
ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා පැවැත්වෙන මෙම පොසොන් කලාපය තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත, දන්සල් ඇතුළු ආගමික ප්‍රබෝධය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරන වැඩසටහන් රැසකින් සමන්විත වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙම පොසොන් කලාපය අද සහ හෙට පැවැත්වෙන අතර, දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ සාමාජිකයන්ගේ පුළුල් සහභාගිත්වයෙන් එය ක්‍රියාත්මක වේ.


