දවසේ කාලගුණය

දවසේ කාලගුණය
  • SocialShare:

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ හා දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං හමා යා හැකි බවද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.