අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ආයතනය ඉන්ධන මිලවල සංශෝධනයක් සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ආයතනය ඉන්ධන මිලවල සංශෝධනයක් සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය (Climate Smart Irrigated Agriculture Project) මඟින් එල්ලංගා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (30) පැවැත්විණ.
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන, දේශීයව ලබා ගන්නා ආහාර පද්ධති හරහා ශ්‍රී ලංකාවේ ජාතික ත්‍රිපෝෂ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා වන ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (KOICA) සහ ශ්‍රී ලංකා රජය පසුගිය 29 දින සාකච්ඡා වාර්තාවට (Record of Discussion) අත්සන් තැබීය.
කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, අගලවත්ත මුලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් ඊයේ (30) සිදු කෙරිණි.
සමූපකාර ව්‍යාපාරයට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ දෙදින වැඩමුළුවක් පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී ඊයේ (30) ආරම්භ කෙරිණ.
කර්මාන්ත සහ ව්‍යවවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 26 අතරින් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත ආශ්රිත උපදේශන සභාවට සාමාජිකයින් පත් කිරීම පසුගියදා (29) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිතුමා සමඟ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29-01-2026 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.
රටේ ආර්ථික ඉලක්ක කරා ගමන්කිරීමේදී රට තුළ ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් සකස්කර එළිදැක්වීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29 දා) බත්තරමුල්ල සුරුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවති NPS day ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සවිබල බලගැන්වීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
ග්‍රාමීය දිළිඳු බව තුරන් කර සමාජය සවිබලගැන්වීමේ මෙහෙයුමක් වන ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල සණස කැම්පස්හිදි ඊයේ (29) පැවැත්විණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.