දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර ඇති අතර එම සියලු ප්‍රතිපාදන මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු කර තිබේ.


