කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කළාපයට අයත් බැමිණිවත්ත පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (09) පෙරවරුවේ පැමිණියහ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කළාපයට අයත් බැමිණිවත්ත පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (09) පෙරවරුවේ පැමිණියහ.
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) දහවල් ශ්‍රී ලංකාවට ළඟා වූහ.
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මේ වන විට දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ශ්‍රී ලංකාවේ තේ සහ පොල් අංශවල නව හා අනාගත අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් එහි ප්‍රධාන කාර්යාලයේදී ජාලකරණ සැසියක් සංවිධානය කර තිබේ.
14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය, හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද(9) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අද (09)ට යෙදී ඇත. ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ජනතාවට හිමිවෙයි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේලි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය , රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 06) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා අදාළ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබේ.
මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති රාමුවට අනුකූලව සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සමස්ත මාදැල් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.