විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
විෂ මත්ද්‍රව්‍ය මුලින් උපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට පසුගියදා (06) පැවැති අතර, එම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට ආගමික නායකයින්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන් සහ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇතුළු 5000කට ආසන්න පිරිසක් එක්වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විෂ මත් උවදුරට එරෙහිව රට පුරා සියලු අංශ එක්කරමින් අනාගත පරපුර රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවද ඔහු පැවසීය.


