උරුමයට ජීවයක් - පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අද ඇරඹේ

උරුමයට ජීවයක් - පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අද ඇරඹේ
  • SocialShare:

දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව පැවැත්වෙන පුරාවිද්‍යා දෙසතිය අද (07) ආරම්භ වේ.

මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ හා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කරයි.

“උරුමයට ජීවයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස පුරාවිද්‍යා ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රජා සංරක්ෂණ කමිටු පිහිටුවීමටද සැලසුම් කර ඇත. එම කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා හා අදහස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම තුළින් පුරාවිද්‍යා උරුමයන් වඩාත් කාර්යක්ෂමව ආරක්ෂා කරගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.