ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අද (09)ට යෙදී ඇත. ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ජනතාවට හිමිවෙයි.
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ පසුගිය 04 වැනිදා පස්වරුවේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත වැඩම කරවනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමට හැකිව තිබේ.


