78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
අදට යෙදී තිබෙන 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක් ප්රදානය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ. සී. ගජනායක මහතා පැවසීය.
දේශය ගොඩනැඟීමේ මූලික පදනම වන්නේ ජනතාවාදී, කාර්යක්ෂම සහ විනයගරුක රාජ්‍ය සේවයක් ගොඩනැඟීම බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙනි. සියලු ජනතාව එක් ව ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වනවිට අලුත් මඟකට අවතීර්ණ වී සිටිමු.
‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා, එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු'යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරන බව ජනපති පවසයි. අදට යෙදී තිබෙන 78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති මේ බව පවසයි.
78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
“ගොඩනඟමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නඩු කටයුතුවල සිදුවන ප්‍රමාදයන් වැළැකිවීමට ක්‍රමවේදයන් රැසක් ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් රැසක් මේ වනවිට පත්කර ඇති අතර විමර්ශන කටයුතු කඩිනමින් සිදු කෙරෙන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත් එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහ්මද් අලි සායිද් අල් රශ්ඩි මහතා අද (03) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය.
“පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025 – 2030” ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (02) පැවැත්විණ. මෙහිදී මිල්කො ආයතනය වෙත කිරි සපයන කිරි ගොවීන් වෙනුවෙන් ප්‍රසාද දීමනා පිරිනැමීම මෙන්ම මිල්කො ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීම ද සිදු විය.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරි (Devnimori) පුරාවිද්‍යා ස්ථානයෙන් සොයා ගන්නා ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පෙබරවාරි 04 සිට 11 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටුතු සූදානම් කර තිබේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.