78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ඒ අනුව, මෙම රථ වාහන සැලැස්ම අද (04) අලුයම 3.00 සිට ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවසන් වන තෙක් ක්‍රියාත්මක වේ.
මෙම කාලය තුළ පහත සඳහන් මාර්ගවල ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර ඇත.
හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළු වීම,
පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම,
ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළු වීම,
කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළු වීම,
නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළු වීම,
ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළු වීම,
බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම,
බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම,
විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම,
මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම,
නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළු වීම,
හොර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම.
කෙසේ වෙතත්, ගමනාගමනය සීමා කර ඇති මෙම මාර්ගවල පදිංචිකරුවන්ට සහ ආයතනවල රාජකාරි කටයුතු සඳහා බාධාවක් නොවන අයුරින් ගමන් කිරීමට අවස්ථාව සලසා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටී.


