මොනරාගල දිස්ත්‍රික්කයේ කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය සම්බන්ධයෙන් පවතින අනවසර කැණීම් වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
එළඹෙන පෙබරවාරි 04 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි 05 වැනි දින උදෑසන සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
පෙබරවාරි 04 වනදාට යෙදෙන 78 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් එය විශේෂ අවස්ථාවක් ලෙස සලකා 2026 පෙබරවාරි මස 01 දින සිට 07 වනදා දක්වා පුරා සතියක කාලයක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තැබීමට රජය තීරණය කර ඇත.
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය එළඹෙන පෙබරවාරි 04 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.
78 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද (02) ප.ව 8.30ට කොළඹ නිදහස් මන්දිරයේදි අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින උත්සවය සහ ඒ සඳහා පැවැත්වෙන පෙරහුරු වැඩසටහන් හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව හා ළමා වාට්ටුව ජනනා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කරන ලදී.
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) පසුගියදා (29) ජනතා අයිතියට පත් කෙරිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රදේශයෙන් 60 දශකයේදී සොයා ගන්නා ලද, මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා මෙරට ජනතාවට වැඳපුදා ගැනීම සඳහා වැඩම කරවීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.


