මොනරාගල දිස්ත්‍රික්කයේ කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය සම්බන්ධයෙන් පවතින අනවසර කැණීම් වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (01) එම නිධිය නිරීක්ෂණය කරමින්, මෙට්‍රික් ටොන් මිලියන 0.31ක තිරුවානා සංචිතයක් පවතින බවට කරුණු අනාවරණය කළ අතර, නිධිය ආරක්ෂා කිරීම, සංචිතය යළි ගණනය කිරීම සහ විධිමත් කැණීම් ක්‍රියාවලියක් සඳහා ඉදිරි පියවර ගන්නා බවද සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී චමින්ද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේශ් අබේසේකර මහතා, භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති ජේ.එම්.එස්.එන්.ජයසිංහ මහතා, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


