ලෝක තෙත් බිම් දිනය අද

ලෝක තෙත් බිම් දිනය අද
  • SocialShare:

ලෝක තෙත් බිම් දිනය (World Wetland day) අදට (පෙබරවාරි 02) යෙදී තිබේ.

මෙවර ලෝක තෙත් බිම් දින තේමාව වන්නේ “තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු” යන්නයි.

2026 ලෝක තෙත් බිම් දින ජාතික සැමරුම් උත්සවය අද (2 ) පෙරවරුවේ බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2026 ලෝක තෙත් බිම් දිනයට සමගාමීව 14 වන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස “ගෝනමැරියාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණි.

මෙම සැමරුම් උත්සවයට තෙත් බිම් පාගමනක්, වීදි නාට්‍ය, දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය, දිය ඇලි සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වූ මාර්ගෝපදේශ මාලාව සහ “Wetlands Sri Lanka” සඟරාව එළි දැක්වීම, තෙත් බිම් දිනයට අදාලව සකස් කරන ලද වාර්තාමය වැඩසටහන ප්‍රදර්ශනය ඇතුළු අංග ඇතුළත් වේ.

රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මගින් සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර ඇති අතර, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද එය පිළිගෙන ඇත.

1971 වසරේ පෙබරවාරි 2 වැනිදා ඉරානයේ, රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹ ඇති අතර ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබුවේ 1991 වසරේදී ය.