නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම්

නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම්
  • SocialShare:

රජයේ ඩිජිටල් කරන ජාතික වැඩසටහනේ තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා ආරක්ෂිත විනිවිද බවින් යුත් මාර්ග ගත ගෙවීම් සේවාවක් හරහා ඩිජිටල් ආර්ථිකය සක්‍රීය කිරිම, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය  බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වය‍ෙන්  පෑලියගොඩ  මැනිං පොදු වෙළද සංකීර්ණයේ දී අද (2026.02.02) සිදු කෙරිණ.

නාගරික සංවර්ධන අධිකාරියේ https://fmis.uda.lk/login දරන මාර්ග ගත යෙදුම භාවිතා කර පෑලියගොඩ මැනිං වෙළද පොළේ දැනට ලියාපදිංචි 1400 අධික ව්‍යාපාරික පිරිසකට govpay හරහා සිය ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ පහසුකම් සැලසේ.

එමෙන්ම මෙහි ඉදිරි ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස වල පදිංචි 13,500 අධික පිරිසකටද දෙවන අදියර යටතේ ඩිජිටල් වේදිකාවට පිවිස ජල, විදුලි, වරිපනම් බදු ඇතුලු ගෙවීම් පහසුකම් සිදු කර ගැනීමට හැකිවනු ඇත.

සේවාලාභින් උදෙසා මාර්ගගත ගෙවීම් සේවාව නිල වශයෙන් හදුන්වා දීමේ අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක් වූ  අමාත්‍ය  බිමල් රත්නායක මහතා දැක්වූ අදහස්,

" ව්‍යාපාරයක් හෝ ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යාමට කාල කාලමනාකරණය ඉතා වැදගත්. කාලය කියන්නේ මුදල්. ඒ නිසා අනවශ්‍යය ප්‍රමාදයන් වලක්වා ගනිමින් ආරක්ෂිත පහසු ගෙවීම් ක්‍රියාවලියක් පවත්වා ගැනීමට තාක්ෂණය හා මුසුව ඉදිරියට යාම යුගයේ අවශ්‍යතාවයක් වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ එක් ප්‍රධාන ජාතික වැඩසටහනක් ලෙස ඩිජිටල් කරන ව්‍යාපෘතිය රට තුළ දියත් කර තිබෙනවා.

ඉතා කාර්යබහුල මැනිං වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගෙවීම් කටයුතු ඕනැම තැනක ඕනැම වේලාවක සිදු කර ගැනීමේ පහසුව සලසා දී ති‌බෙනවා. තොග, සිල්ලර ව්‍යාපාරයේදී කාලය කාලමනාකරණය කර ගැනීම ව්‍යාපාරයේ උන්නතියට බලපානවා. තාක්ෂනය මගින් සේවාවන් කාර්යක්ෂම කරනවා. අපි තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. විශ්වාසය අනුව ව්‍යාපාර සිදු කරන්න, තාක්ෂණ සහය බල‌ා ගත යුතුයි. මේ වන විය පොදු ප්‍රවාහනයට කාඩ්පත් මගින් ගෙවිම් කිරිමේ පහසුකම් ලබා දී තියෙනවා. එම නිසා මුදල් ,කාලය ඉතිරි කරගන්න මේ ක්‍රමවේදයට අනුගත වීම අවශ්‍ය වෙනවා.

රජය දියත් කරන මෙම ඉදිරිගාමී වැඩ පිළිවෙල සාර්ථක කරගැනිමට ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, වෙළද සංගම් නායකයින් ද මැදිහත් විය යුතුයි. පිළිවෙල හදාගත යුතුයි. තිබෙන සම්පත් ප්‍රතිසංවිධානය කරගන්න. නාගරික සංවර්ධන අධිකාරියේ පාර්ශවයෙන් අවශ්‍ය ප්‍රතිපාදන, උපදෙස්, තාක්ෂණ පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. මෙම ජාතික වැඩපිළිවෙල යථාර්තයක් කරගැනීමට ව්‍යාපාරික ප්‍රජාව ලෙසද නව සැලස්මක් සලසා ගැනීම මෙහි සාර්ථකත්වයට පිටුවලක් වෙනවා.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්.ජි. හේමචන්ද්‍ර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යාක්ෂ ජනරාල් (තොරතුරු තාක්ෂණ පද්ධති) මනෝජ් පෙරේරා යන මහත්වරු ඇතුලු ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.