නිදහස් උත්සවයේ පෙරහුරු අදත්

නිදහස් උත්සවයේ පෙරහුරු අදත්
  • SocialShare:

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය එළඹෙන පෙබරවාරි 04 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.

එම උත්සවයට සමඟාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් පසුගිය 30 වන දින ආරම්භ වූ අතර අද දිනයේදීත් එම පෙරහුරු වැඩසටහන් පැවැත් වේ. නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම, බෞද්ධාලෝක මාවත ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම, බෞද්ධාලෝක මාවත ආර්.එෆ්.පී. හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම, විජේරාම මාවත විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම, මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.පී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම, නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම සහ හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම අද  දක්වා සීමා කෙරෙනු ඇත.