නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අද රාත්‍රියේදී

නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අද රාත්‍රියේදී
  • SocialShare:

78 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද (02) ප.ව 8.30ට කොළඹ නිදහස් මන්දිරයේදි අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙය විමෙන් පැවැත්වේ.

ත්‍රෛයිනිකායික මහ නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සහ ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න ,බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ද මෙයට සහභාගී වීමට නියමිතය.