පෙබරවාරි 04 වනදාට යෙදෙන 78 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් එය විශේෂ අවස්ථාවක් ලෙස සලකා 2026 පෙබරවාරි මස 01 දින සිට 07 වනදා දක්වා පුරා සතියක කාලයක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තැබීමට රජය තීරණය කර ඇත.
ඒ අනූව අදාළ කාලය තුළ ජාතික කොඩිය එසවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝකබණ්ඩාර මහතා ඉල්ලා සිටී.


