All Stories

මන්නාරම, Hayleys Fentons Limited මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ සිදු විය.

මන්නාරම, Hayleys Fentons Limited මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

එක්සත් රාජධානියේ පුරවැසියෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ, රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචිකරුවන් වන රිචර්ඩ් වුඩ් යුවළ (Mr and Mrs Richard Wood) විසින් ස්ටර්ලින් පවුම් 2,000ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

එක්සත් රාජධානියේ පුරවැසියෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්

​ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ

ශ්‍රමයේ අභිමානය හා සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී දෙමළ ජනතාව සමරනු ලබන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

​ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සියලු කටයුතු සූදානම් – යාපනය දිස්ත්‍රික් ලේකම්

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන සඳහා සියලු කටයුතු සූදානම් බව යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සියලු කටයුතු සූදානම් – යාපනය දිස්ත්‍රික් ලේකම්

ආපදාවන්ට එරෙහිව විද්‍යාව - දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන එළි දක්වයි

දේශගුණික ආතති පරීක්ෂණයක් (Climate Stress Test) ලෙස “දිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් ලද අත්දැකීම් තේමා කර ගනිමින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ආපදාවන්ට එරෙහිව විද්‍යාව: දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇගයීමේ ජාතික වැඩසටහන එළි දැක්වීම ඊයේ (14) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ආපදාවන්ට එරෙහිව විද්‍යාව -  දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන එළි දක්වයි