‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සියලු කටයුතු සූදානම් – යාපනය දිස්ත්‍රික් ලේකම්

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සියලු කටයුතු සූදානම් – යාපනය දිස්ත්‍රික් ලේකම්
  • SocialShare:

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන සඳහා සියලු කටයුතු සූදානම් බව යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

අනාගතයේ දරුවන් හා තරුණ පරපුර නිරෝගී සහ ආරක්ෂිත සමාජයකට නැවත පත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.