දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහය දැක්වීම සඳහා බ්‍රසීල ෆෙඩරල් ජනරජය අධි ධාරිතාවයෙන් යුත් ජල පවිත්‍රකරණ ඒකක 10ක් පරිත්‍යාග කර තිබේ.
මෙයට අදාළ ලිපි ලේඛන, ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලයේ භාරකාර මොනිකා මාරියා මයිරෙල්ස් නසාර් මහත්මිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්මහතා වෙත පසුගියදා එම අමාත්‍යංශයේදී නිල වශයෙන් භාර දී ඇත.
දිනකට ලීටර් 10,000 ක් පිරිපහදු කිරීමේ තනි ධාරිතාවක් ඇති මෙම ජල පවිත්‍රකරණ ඒකක මගින් දිනකට ආසන්න වශයෙන් පුද්ගලයින් 7,000 කට පමණ පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා දීමට හැකි වේ. තවද බ්‍රසීල ජනරජය ක්ෂණික ආපදා සහනවලට අමතරව, තාක්ෂණය, පාසල් සහ රෝහල් සඳහා යටිතල පහසුකම් සපයා තිබේ.
බ්‍රසීලයේ කාලෝචිත සහායට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළ අතර, එය දෙරටේ ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ සහ මානුෂීය සහයෝගීතාව සඳහා වූ හවුල් කැපවීමේ පිළිබිඹුවක් බව වැඩිදුරටත් සඳහන් කළේය.


